• Increase font size
  • Default font size
  • Decrease font size

2016-09-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය
- 1982 වසරේදී ඉදි කරන ලද මාදුරුඔය ජලාශය කඩිනම් මහවැලි සංවර්ධන වැඩසටහන යටතේ ඉදි කරන ලද ප්‍රධාන ජලාශයන්ගෙන් එකකි. පොළොන්නරුව සහ මඩකලපුව දිස්ත්‍රික්ක පදනම් කරගත් මහවැලි 'බී' කලාපයේ ඉඩම් හෙක්ටයාර 39,000ක් කෘෂිකාර්මික කටයුතු සඳහා සංවර්ධනය කිරීම එමඟින් අපේක්ෂා කරන ලදී. එහි වම් ඉවුර සංවර්ධන කටයුතු ආරම්භකර ඉදි කිරීම් නිමවා ඇතත් මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම නිසා දකුණු ඉවුර ප්‍රදේශය සංවර්ධනය කිරීම මේ දක්වා ක්‍රියාත්මක කරනු ලැබ නොමැත. ඒ අනුව, වසර ගණනාවක් පැවති යුද්ධයෙන් බලපෑමට ලක්ව අඩාළව පැවති, පොළොන්නරුව සහ මඩකලපුව දිස්ත්‍රික්කවල සමාජ - ආර්ථික සංවර්ධනය උදෙසා පානීය ජල සම්පාදනය, වාරි ජල සම්පාදනය සහ යටිතල පහසුකම් සංවර්ධනය කඩිනම් කිරීම අරමුණු කරගනිමින් 'මාදුරුඔය දකුණු ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය' 2017- 2020 කාලය තුළ ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.