• Increase font size
  • Default font size
  • Decrease font size

2016-09-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොල්පිතිගම පොලිස් ස්ථානය ඉදි කිරීමේ කටයුතු සම්පූර්ණ කිරීම
- නිකවැරටිය පොලිස් බල ප්‍රදේශයට අයත්, නිලධාරින් 130 දෙනෙකු පමණ පමණ සේවයේ යෙදී සිටින පොල්පිතිගම පොලිස් ස්ථානය ඉදි කිරීමේ කටයුතු 2007 වර්ෂයේදී ආරම්භ කරනු ලැබ ඇති නමුත්, විවිධ හේතු නිසා එම ඉදි කිරීම් කටයුතු අතරමඟ නවතා දමා ඇත. ඒ අනුව, පසුව හඳුනාගනු ලැබ ඇති නව අවශ්‍යතාද ඇතුළත් කරමින් පොල්පිතිගම පොලිස් ස්ථානය ඉදි කිරීමේ කටයුතු රුපියල් මිලියන 49.7ක ඇස්තමේන්තුගත මුළු පිරිවැයකින් සම්පූර්ණ කිරීම පිණිස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.