• Increase font size
  • Default font size
  • Decrease font size

2016-09-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තඹලගමුව පොලිස් ස්ථානය ඉදි කිරීමේ ව්‍යාපෘතිය
- නැ‍ඟෙනහිර පළාතේ මුතූර්, සේරුවාවිල හා ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල මහජන ආරක්ෂාව සැලසීම සඳහා පිහිටුවන ලද මුරපොළක් වශයෙන් ක්‍රියාත්මක වූ, පසුව 2004 වර්ෂයේ සිට පොලිස් ස්ථානයක් වශයෙන් ස්ථාපිත කරන ලද, පොලිස් නිලධාරින් 155 දෙනෙකු පමණ සේවයේ යෙදී සිටින තඹලගමුව පොලිස් ස්ථානය දැනට කුලී පදනම මත ලබා ගත් ගොඩනැඟිලි ‍02ක අවම පහසුකම් යටතේ පවත්වා ගෙන යනු ලැබේ. ඒ අනුව, වඩාත් හොඳ මහජන සේවයක් ඉටු කිරීමට හැකි වන පරිදි එම පොලිස් ස්ථානය සඳහා නව ගොඩනැඟිල්ලක්, රුපියල් මිලියන 90.4ක ඇස්තමේන්තුගත පිරිවැයකින්, පොලිස් දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක ඉදි කිරීම පිණිස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.