• Increase font size
  • Default font size
  • Decrease font size

2016-09-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය පෞද්ගලික හවුල් ක්‍රමවේදය (PPP) යටතේ නව අභ්‍යන්තර ජල ප්‍රවාහන පද්ධතියක් ක්‍රියාත්මක කිරීම
- නගරයේ රථ වාහන තදබදය ක්‍රමයෙන් උත්සන්න වෙමින් පවතින තත්ත්වයක් යටතේ, බස් රථ හෝ දුම්රිය ප්‍රවාහනය ප්‍රමාණවත් ලෙස සේවයේ යොදවා නොමැති ප්‍රදේශ සඳහා ජලාශ සහ ඇළ මාර්ග පාදක කරගත් ශීඝ්‍ර හා සකසුරුවම් ප්‍රවාහන සේවාවක් ලබා දිය හැකි බව හඳුනාගෙන ඇත. ඒ අනුව, කොළඹ නැඟෙනහිර - බටහිර සහ උතුරු - දකුණු ප්‍රදේශ සම්බන්ධ කරන විධිමත් සම්බන්ධීකරණ මාදිලියක් වශයෙන් දැනට පවතින ඇළ මාර්ග පද්ධතිය සහ සමුද්‍රය භාවිත කිරීම මඟින් කාර්යක්ෂම ප්‍රවාහන‍ ‍ෙස්වාවක් සලසා දිය හැකි අතර වැල්ලවත්ත - බත්තරමුල්ල (ඇළ මාර්ග ඔස්සේ), කොටුව - යුනියන් පෙදෙස (බේරේ වැව ඔස්සේ), මට්ටක්කුලිය - හංවැල්ල (කැලණි ගංඟාව ඔස්සේ) යන අභ්‍යන්තර ජල ප්‍රවාහන මාර්ග තුන මේ සඳහා විභවයක් පවතින මාර්ග වශයෙන් මහානගර ප්‍රවාහන කමිටුව විසින් හඳුනාගෙන ඇත. සුදුසු පෞද්ගලික ආයෝජකයෙකු හඳුනා ගනිමින්, රාජ්‍ය - පෞද්ගලික හවුල් ක්‍රමවේදය යටතේ නව අභ්‍යන්තර ජල ප්‍රවාහන පද්ධතියක් ගොඩනැඟීම සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් කිරීම සිදු කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.