• Increase font size
  • Default font size
  • Decrease font size

2016-09-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'පුබුදමු පොළොන්නරුව' - දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන - ප්‍රමුඛ ජලසම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම
- පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහා පිරිසිදු පානීය ජලය සැපයීමේ අරමුණින් 'පුබුදමු පොළොන්නරුව' - දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ජල සම්පාදන ව්‍යාපෘති නවයක් (09) ක්‍රියාත්මක කිරීමටත්, 2017 හා 2018 වර්ෂ වෙනුවෙන් ඒ සඳහා අවශ්‍ය රුපියල් මිලියන 6,464.36ක ප්‍රතිපාදන වෙන් කරවා ගැනීමටත් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.