• Increase font size
  • Default font size
  • Decrease font size

2016-09-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ස්ලෝවේනියාව හා ශ්‍රී ලංකාව අතර දේශපාලන උපදේශන ක්‍රමවේදයක් ස්ථාපනය කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුම
- ස්ලෝවේනියාව හා ශ්‍රී ලංකාව අතර දේශපාලන, ආර්ථික, කොන්සියුලර්, තාක්ෂණික හා විද්‍යාත්මක සහ සංස්කෘතික සහයෝගිතාව ඇතුළුව ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීමේ, ශක්තිමත් කිරීමේ හා පුළුල් කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ස්ලෝවේනියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර වන ඉහත අවබෝධතා ගිවිසුමට, 2016 සැප්තැම්බර් මස 04 සිට 08 දක්වා සිදු කෙරෙන සිය ස්ලෝවේනියානු නිල සංචාරය අතරතුරදී අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.