• Increase font size
  • Default font size
  • Decrease font size

2016-09-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
විදේශ කටයුතු අමාත්‍යාංශය වෙනත් ස්ථානයකට ගෙන යාම
- විදේශ කටයුතු අමාත්‍යාංශය වර්තමානයේ පවත්වාගෙන යනු ලබන කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටි ජනරජ ගොඩනැඟිල්ල බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේදී ඉදි කරන ලද්දක් වන අතර, එය සංරක්ෂණය කළ යුතු උරුමයක් ලෙස හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, විදේශ කටයුතු අමාත්‍යාංශය වෙනත් ස්ථානයකට ගෙන යාම අත්‍යවශ්‍ය වන අතර, එම අමාත්‍යාංශය සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට සුදුසු බවට හඳුනාගනු ලැබ ඇති, කොළඹ, ජාවත්ත පාරේ පිහිටා ඇති අක්කර දෙකක (02) පමණ ඉඩම් කොටසක් විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත වෙන් කරගැනීම පිණිස විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.