• Increase font size
  • Default font size
  • Decrease font size

2016-09-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වනජීවී සංරක්ෂණ විෂය හා අදාළ අන්තර්ජාතික සම්මුතීන් හා සම්බන්ධ ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීම හා විධිමත් කිරීම
- ශ්‍රී ලංකාව මේ වන විට වනජීවී සංරක්ෂණය හා අදාළ වන ජාත්‍යන්තර සම්මුතීන් කිහිපයකට අත්සන් තබා ඇති නමුත්, එකී සම්මුතීන් හා සම්බන්ධ ක්‍රියාකාරකම් වඩාත් විධිමත්ව සිදු කිරීම පිණිස වන නිශ්චිත නීතිමය ප්‍රතිපාදන සලසනු ලැබ නොමැත. ඒ අනුව, ශ්‍රී ලංකාව අත්සන් තබා ඇති 'තර්ජනයට ලක්වී ඇති වනසත්ත්ව හා වෘක්ෂලතා විශේෂ ජාත්‍යන්තරව වෙළඳාම් කිරීම පිළිබඳ සම්මුතිය' (Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora - CITES) හා අදාළ ක්‍රියාකාරකම් ඇතුළුව ශ්‍රී ලංකාව විසින් අත්සන් තබනු ලැබ ඇති, වනජීවී සංරක්ෂණය හා අදාළ අන්තර්ජාතික සම්මුතීන් දේශීයව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නියෝග සෑදීමට හැකි වන පරිදි වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත සංශෝධනය කිරීම පිණිස තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.