• Increase font size
  • Default font size
  • Decrease font size

2016-09-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
'ජාතික සමුද්‍රීය සම්පත් සුරැකීමේ සතිය' ප්‍රකාශයට පත් කිරීම
- දිරා නොයන අපද්‍රව්‍ය සෘජුවම හෝ ඇළ මාර්ග ‍ඔස්සේ වෙරළ සහ සාගර කලාපයන්ට එකතුවීම තුළින් සමුද්‍ර පරිසර පද්ධතියට මෙන්ම ඒ හා බැඳුණු ධීවර සහ සංචාරක වැනි කර්මාන්තයන්ටද අහිතකර බලපෑම් ඇති කරනු ලැබේ. එබැවින් සාගර පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමටත්, ඒ හා බැඳුණු කර්මාන්තවල තිරසර බව රැකගැනීමටත් මහජන සහභාගිත්වය සහිත ක්‍රමවත් වැඩපිළි‍ෙවළක් සකස් කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව, සෑම වර්ෂයකම සැප්තැම්බර් මස 03 වන සතියේ සෙනසුරාදා දිනට යෙදෙන අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනයට සමගාමීව සැප්තැම්බර් මස තුන් වන සතියේ සෙනසුරාදා සිට හතරවන සතියේ සෙනසුරාදා දක්වා වන කාලය 'ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය' වශයෙන් මෙම වර්ෂයේ සිට ප්‍රකාශයට පත් කිරීමටත්, ඒ අනුව 2016 සැප්තැම්බර් මස 17 වන දින සිට 23 වන දින දක්වා වෙරළ පවිත්‍රතා හා සංරක්ෂණ වැඩසටහන් සාමාන්‍ය ජනතාව, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්, රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධානවල සහභාගීත්වය හා දායකත්වය ඇතිව ක්‍රියාවට නැංවීමටත්, එහි ජාතික උත්සවය 2016 සැප්තැම්බර් මස 17 වන දින කොළඹ, මට්ටක්කුලිය වෙරළ තීරයේදී පැවැත්වීමටත් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.