• Increase font size
  • Default font size
  • Decrease font size

2016-09-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොලිතීන් මඟින් ඇති වී තිබෙන පාරිසරික ගැටලු අවම කිරීම සඳහා පොලිතින් භාවිතය නිසි පරිදි කළමනාකරණය කිරීම
- ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන භාවිතය වර්තමාන ජන සමාජය තුළ බහුලව දක්නට ලැබෙන අතර, එම නිෂ්පාදන අනිසි ලෙස භාවිත කිරීම, බැහැර කිරීම සහ පිළිස්සීම නිසා සමාජීය, පාරිසරික, සෞඛ්‍යමය හා ආර්ථික ගැටලු රැසක් පැන නැඟී ඇත. ශ්‍රී ලංකාවේ ඒකපුද්ගල ප්ලාස්ටික් හා පොලිතීන් භාවිතය දිනකට කිලෝග්‍රෑම් 0.5ක් පමණ වන අතර, වසරකට ටොන් ලක්ෂ පහක (05) පමණ පොලිතීන් අමුද්‍රව්‍ය ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ආනයනය කෙරේ. ලොව ඇතැම් රටවල් පොලිතීන් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර, සමහර රටවල් තෝරාගත් ප්ලාස්ටික් ද්‍රව්‍ය පමණක් භාවිතයට ඉඩ දී ඇත. දිරාපත් වීමට දීර්ඝ කාලයක් ගතවන ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන පරිසරයට එකතුවීම තුළින් සිදු වන අහිතකර පාරිසරික බලපෑම් පාලනය කිරීමේ අවශ්‍යතාව මෙන්ම ප්ලාස්ටික් හා පොලිතීන් ආශ්‍රිත කර්මාන්තවල සේවකයින් විශාල සංඛ්‍යාවක් සේවයේ නියුක්තව සිටීම ආදී කරුණු ද සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාව තුළ පොලිතීන්, ප්ලාස්ටික් හා ජෛව හායනයට ලක්වන ප්ලාස්ටික් ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් හා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.