• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සංවර්ධන ප්‍රතිපත්තිමය අරමුදල් (පුද්ගලික අංශ සංවර්ධනය, පරිපාලන අභිවෘද්ධිය සහ මූල්‍ය ඒකාබද්ධතාවය)
- ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථායිතාවය, රාජ්‍ය සම්පත් කළමනාකාරිත්වය වර්ධනය කිරීම සහ පෞද්ගලික අංශයේ තරඟකාරිත්වය පහසු කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ළඟා කරගැනීම යන ක්ෂේත්‍රයන් කෙරෙහි අවධානය යොමු කරමින් රජයේ සංවර්ධන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සැපයීමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) එකඟවී ඇත. ඒ අනුව, ඒ සඳහා ජපන් යෙන් මිලියන 10,000ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 14,453.2ක) සංවර්ධන ප්‍රතිපත්ති අරමුදල් රටට හිතකර නියමයන් හා කොන්දේසි යටතේ ලබාගැනීම සඳහා ජපාන රජය සමඟ හුවමාරු පත්‍ර අත්සන් තැබීමටත්, එම කාර්යය සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය සමඟ ණය ගිවිසුමකට එළඹීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.