• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යාපනය බන්ධනාගාර සංකීර්ණය ඉදි කිරීම - දෙවන අදියර
- රැඳවියන් 1,000ක පිරිසකට ඉඩ පහසුකම් සැලසිය හැකි පරිදි යාපනය, පන්නායි බන්ධනාගාර සංකීර්ණය ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. එහි පළමු අදියරේ ඉදි කිරීම් කටයුතු සම්පූර්ණ කර විවෘත කර ඇති අතර, රැඳවියන් 130කට එමඟින් නවාතැන් පහසුකම් සැපයිය හැකිය. එහි දෙවන අදියරේ ඉදි කිරීම් කටයුතු, රුපියල් මිලියන 623.32ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ආරම්භ කිරීම පිණිස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.