• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආයෝජන මණ්ඩලයේ කලාප 3ක හා ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම, කිරිඳිවැල හා රන්පොකුණුගම අවට ප්‍රදේශ හා ගාල්ල දිස්ත්‍රික්කයේ කොග්ගල ප්‍රදේශය සඳහා කෙටිකාලීන ප්‍රමුඛ ජල සම්පාදන වැඩිදියුණු කිරීම් ක්‍රියාත්මක කිරීම
- බියගම, වතුපිටිවල හා කොග්ගල යන ආයෝජන මණ්ඩලයේ කලාපවල හා බියගම අවට අනෙකුත් ප්‍රදේශ, රන්පොකුණුගම, කිරිඳිවැල සහ හබරාදූව යන ප්‍රදේශවල ජීවත්වන ජනතාවට ප්‍රමාණවත් පානීය ජල සැපයුමක් ලබා දීම තහවුරු කිරීම සඳහා එම ප්‍රදේශවල දැනට පවතින ජල සම්පාදන ක්‍රමයන්ට සිදු කළ යුතු වැඩිදියුණු කිරීම්, ජාතික ප්‍රමුඛතා ව්‍යාපෘති ලෙස සලක‍ා, රුපියල් මිලියන 1,531.9ක ඇස්තමේන්තුගත පිරිවැයකින් සිදු කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.