• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන උම‍ඟෙහි ඇති වූ ජල කාන්දුව හේතුවෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවල ජනතාවට පානීය ජලය සැපයීම සඳහා ජල සම්පාදන ව්‍යාපෘති තුනක් ක්‍රියාත්මක කිරීම
- උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන උම‍ඟෙහි ඇති වූ ජල කාන්දුව හේතුවෙන් බලපෑමට ලක් වූ වෙහෙරගලතැන්න, මකුල්ඇල්ල හා කුරුඳුගොල්ල යන ප්‍රදේශවල වෙසෙන ජනතාව වෙත පිරිපහදු කරන ලද පානීය ජලය සැපයීම සඳහා ජල සම්පාදන ව්‍යාපෘති තුනක් (03) ක්‍රියාත්මක කිරීම පිණිස දැනටමත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, එකී ව්‍යාපෘතීන්හි ඉදි කිරීම් කටයුතු ආරම්භ කරනු ලැබ ඇති අතර, එහිදී අදාළ ජල මූලාශ්‍ර සමීපයෙහි පදිංචි පවුල්ද ඇතුළත්ව ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 1,417 සිට 2,400 දක්වා ඉහළ යන බව අනාවරණය වී ඇත. ඒ අනුව, ඉහත සඳහන් ජල සම්පාදන ව්‍යාපෘති 03 සඳහා වැය වන පිරිවැය රුපියල් මිලියන 317.24ක් වශයෙන් සංශෝධනය කර, එකී ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.