• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බන්ධනාගාර තදබදයට බලපාන නීතිමය හා අධිකරණ කාරණා සෙවීම සඳහා වන කාර්යසාධන බලකාය
- බන්ධනාගාරවල පවතින අධික තදබදයට බලපාන නීතිමය සහ අධිකරණමය හේතු හඳුනාගැනීම පිණිස අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්ගේ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්ගේ සම සභාපතිත්වයෙන් සහ අදාළ දෙපාර්තමේන්තු ඇතුළු අනෙකුත් ආයතනවල නියෝජිතයින්ගේ නියෝජනය සහිත කාර්යසාධන බලකායක් පිහිටුවීමටත්, එමඟින් බන්ධනාගාරවල පවතින අධික තදබදය අඩු කිරීම සඳහා දැනට පවතින නීති හා පටිපාටීන්ට සිදු කළ යුතු සංශෝධන පිළිබඳ යෝජනා ලබාගැනීමටත් අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.