• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මුතුරාජවෙල පිහිටි අක්කර 10ක ඉඩම් කොටසක් ඝන අපද්‍රව්‍ය මඟින් බලශක්තිය නිපදවීමේ ව්‍යාපෘතියක් සඳහා බදු දීම
- ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටලුවට විසඳුමක් වශයෙන් ඝන අපද්‍රව්‍ය මඟින් විදුලිය ජනනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා මුතුරාජවෙල ප්‍රදේශයේ පිහිටි, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු අක්කර 10ක ඉඩම් කොටසක් 30 අවුරුදු බදු පදනම මත පෞද්ගලික සමාගමක් වෙත බදු දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.