• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අන්තර්ජාතික තිරසර සංචරණය සහ දුප්පත්කම තුරන් කරලීම සඳහා වන සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීම
- සංචාරක ප්‍රවර්ධනය මඟින් ආර්ථික වැඩිදියුණුව සඳහා වන දැනුම කළමනාකරණයට හා ව්‍යාපෘති සංවර්ධනයට පහසුකම් සැලසීම, දුප්පත්කම තුරන් කරලීම මඟින් තිරසර සංවාරක සංවර්ධනයක් ළඟා කරගැනීම සඳහා පර්යේෂණ හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සහ රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වයන් මඟින් සංස්කෘතිය හා ස්වභාවධර්මය ආරක්ෂා කිරීමට දායක වීම යන ප්‍රධාන අරමුණු පෙරදැරිව එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ අනුග්‍රහය යටතේ පිහිටුවීමට යෝජිත අන්තර්ජාතික තිරසර සංචරණය සහ දුප්පත්කම තුරන් කරලීම සඳහා වන සංවිධානයේ [International Sustainable Tourism and Eliminating Poverty (ST-EP) Organization] සාමාජිකත්වය ශ්‍රී ලංකාව විසින් ලබාගැනීම පිණිස සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.