• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොලිස් විශේෂ කාර්ය බලකායේ විවාහක නිලධාරින් සඳහා නිවාස සංකීර්ණයක් ඉදි කිරීම
- කොළඹ නගරය හා ඒ අවට ප්‍රදේශවල නීතිය හා සාමය පවත්වාගෙන යාම, විවිධ අවස්ථාවල හටගැනෙන ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීම සහ ආපදා අවස්ථාවලදී අවශ්‍ය කඩිනම් සහන සැලසීම ආදී ආරක්ෂක ක්‍රියාකාරකම්හි නිරත වන විවාහක නිලධාරින් සඳහා නිවාස පහසුකම් සලසා දීම කඩිනම් අවශ්‍යතාවක්ව පවතින අතර, ඒ අනුව එකී නිලධාරින්ට නිවාස පහසුකම් සලසා දීම සඳහා විශේෂ කාර්ය බලකායේ කලපළුවාව කඳවුරේ පවතින ඉඩකඩ පහසුකම් ප්‍රයෝජනයට ගනිමින් රුපියල් මිලියන 388ක ඇස්තමේන්තුගත පිරිවැයකින් නිවාස සංකීර්ණයක් ඉදි කිරීම පිණිස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.