• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හබරණ සිට වේයන්ගොඩ දක්වා 220kVක සම්ප්‍රේෂණ මාර්ගය ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
- ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) විසින් අරමුදල් සපයනු ලබන, හබරණ සිට වේයන්ගොඩ දක්වා 220kV සම්ප්‍රේෂණ මාර්ගයක් (ලොට් B) ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.