• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා තෙමහල් නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
- බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ග්‍රාම නිලධාරි වසම් 57කින් සමන්විත වන අතර එහි වෙසෙන ජනගහනය අනූදහස (90,000) ඉක්මවයි. හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනට ඉතා පැරණි හා අඩු ඉඩපහසුකම් සහිත ගොඩනැඟිල්ලක පවත්වා ගෙන යනු ලබන අතර, ඒ හේතුවෙන් එහි සේවය ලබාගැනීමට පැමිණෙන මහජනතාවට විවිධ අපහසුතාවන්ට මුහුණපෑමට සිදුවේ. ඒ අනුව හාලිඇළ ප්‍රදේශයේ ජනතාවට කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් ලබා දීමට මෙන්ම කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරින්ටද සුදුසු සේවා පරිසරයක් ලබා දීම සඳහා රුපියල් මිලියන 176ක ඇස්තමේන්තුගත පිරිවැයකින් හාලිඇළ ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලය සදහා තෙමහල් නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.