• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය - පොතුහැර සිට ගලගෙදර දක්වා (කි.මී.32.5) වන 03 වන අදියර ඉදිකිරීම - ලංසු සහ යෝජනා ලබා ගැනීම
- ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනයේ (JICA) මූල්‍ය අනුග්‍රහය යටතේ ඉදි වන මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ පොතුහැර සිට ගලගෙදර දක්වා වන කි.මී.32.5ක දිගකින් යුතු 03 වන අදියරෙහි ඉදි කිරීම් කටයුතු සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවකු සහ උපදේශකවරයෙකු තෝරාගැනීමට ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි ලංසු සහ යෝජනා කැඳවීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.