• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පහළ සංවර්ධන ප්‍රදේශයන්හි මාර්ග ඉදි කිරීම
- මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය මඟින් බලපෑමට ලක් වන ජනතාව නැවත පදිංචි කිරීම සඳහා මෙන්ම මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ ප්‍රතිලාභ ලබාගැනීම සඳහා එම ජලාශයන්ට පහළ පිහිටි ප්‍රදේශවල වාරිමාර්ග හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම ඉතා වැදගත් වේ. ඒ අනුව අත්‍යවශ්‍ය මාර්ග සංවර්ධන කටයුතු වන මොරගහකන්ද - වැල්ලවෙල මාර්ගය(කි.මී. 6.37), අග්බෝපුර හරහා මැදිරිගිරිය - කන්තලේ මාර්ගය(කි.මී. 8.5), සහ නව ලග්ගල නගරය ඇතුළත මාර්ග ඉදි කිරිමේ (මතුපිට ආස්තරණය) කොන්ත්‍රාත්තු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ප්‍රදානය කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.