• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2016 වර්ෂය සඳහා යුද්ධ හමුදා, නාවික හමුදා, ගුවන් හමුදා සහ සිවිල් ආරක්ෂක බලකාය සඳහා නිල ඇඳුම් සහ අනෙකුත් රෙදිපිළි වර්ග ලබාගැනීම
- ත්‍රිවිධ හමුදාව සහ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති අනෙකුත් ආයතනයන්හි රෙදිපිළි අවශ්‍යතා දේශීය රෙදිපිළි නිෂ්පාදකයින් වෙතින් සපුරා ගැනීම 2005 වර්ෂයේ සිට ක්‍රියාත්මක ‍කෙරෙන අතර, එම කටයුතු කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ ස්ථාපිත දේශීය රෙදිපිළි වෙන් කර දීමේ කමිටුව මඟින් සිදු කෙරේ. ඒ අනුව, 2016 වර්ෂය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකාය සඳහා නිල ඇඳුම් සහ අනෙකුත් රෙදිපිළි අවශ්‍යතාවන්, දේශීය රෙදිපිළි වෙන් කිරීමේ කමිටු රැස්වීමේදී තීරණය කරනු ලැබ ඇති පරිදි, ඒ ඒ ‍ෙද්ශීය නිෂ්පාදකයින් වෙතින් මිල දී ගැනීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.