• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අන්තර්ජාතික ආගමික සමුළුව - 2016 නොවැම්බර් මාස‍යේදී කොළඹදී පැවැත්වීම
- ආගම් අතර බැඳීම හා අවබෝධය තුළින් සාමකාමී සහජීවනය, ආගමික සහනශීලිත්වය සහ බහු සංස්කෘතික පිළිබිඹුව මෙන්ම ජාතීන් අතර සංහිඳියාව ඇති කර ලීමේ කාලීන අවශ්‍යතාව සැලකිල්ලට ගෙන අන්තර්ජාතික ආගමික සම්මේලන දෙකක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. ඒ අනුව, රටවල් 16ක පමණ රාජ්‍ය නායකයන් ඇතුළු ඉහළ මට්ටමේ දේශීය හා විදේශීය නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් 'දකුණු හා අග්නිදිග ආසියානු කලාපීය රටවල බහුවිධ හා ප්‍රජාතන්ත්‍රීය සමාජයන් උදෙසා වන ආගමික කාර්යභාරය - ඉස්ලාම් දහමේ දෘෂ්ටිකෝණය' යන තේමාව යටතේ 2016 නොවැම්බර් මාසයේදී කොළඹදී පැවැත්වීමට නියමිත අන්තර්ජාතික ආගමික සමුළුවේ සංවිධාන කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.