• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තේ, රබර් හා පොල් යන වැවිලි ක්ෂේත්‍රවල පොහොර සඳහා මූල්‍ය සහනාධාරයක් ලබා දීම පුළුල් කිරීම
- ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි, තේ,පොල් සහ රබර් යන ක්ෂේත්‍රවල ඉඩම් හෙක්ටයාර 01ක් හෝ ඊට අඩු වගා බිම් හිමි කුඩා වතුහිමියන් වෙත වාර්ෂිකව ඔවුන් විසින් වගා කරන ලද ඉඩම් ප්‍රමාණයට සමානුපාතිකව පොහොර සඳහා මූල්‍ය සහනාධාරයක් ලබා දීමට රජය විසින් කටයුතු කරනු ලැබ ඇත. එහිදී තේ වගා ක්ෂේත්‍රය සඳහා හෙක්ටයාරයකට රුපියල් 15,000/-කද පොල් ක්ෂේත්‍රය සඳහා හෙක්ටයාරයකට රුපියල් 9,000/-කද රබර් ක්ෂේත්‍රය සඳහා හෙක්ටයාරයකට රුපියල් 5,000/-කද සහනාධාර මුදලක් හිමි වේ. මේ සඳහා උනන්දුවක් දක්වන ප්‍රතිලාභීන් වැඩි සංඛ්‍යාවකට සහනාධාර ලබා දීමේ අරමුණින්, රබර් හා පොල් වගාවන් සඳහා පොහොර සහනාධාර ලබා දීමේදී දැනට අනුමත හෙක්ටයාර 01හි ඉඩම් සීමාව, හෙක්ටයාර 02 දක්වා වැඩි කර පොහොර සහනාධාර මුදල් ලබා දීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.