• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ධීවර කර්මාන්තයේ සහයෝගිතාව ගොඩනගා ගැනීම සඳහා වන අවබෝධතා ගිවිසුම
- ධීවර කටයුතුවලදී දෙපාර්ශ්වය අතර සහයෝගිතාව වැඩිදියුණු කරගැනීමේ අරමුණින්, මහජන චීන සමූහාණ්ඩුවේ ගුඇංග්සි ෂුඇං (Guangzi Zhuang) ස්වයං-පාලන ප්‍රාන්තයේ ධීවර, සත්ත්ව පාලන හා පශු සම්පත් කාර්යාංශය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය අතර වන අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.