• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාතලේ අලුවිහාර පූජා භූමි සැලසුම් යෝජනා ක්‍රමය යටතේ රජය මඟින් ඉදි කරනු ලැබූ විශ්‍රාම ශාලා ගොඩනැඟිල්ල මාතලේ අලුවිහාරයට පවරා දීම
- මාතලේ ප්‍රදේශයට පැමිණෙන වන්දනාකරුවන් හ‍ට නවාතැන් පහසුකම් සලසා දීමේ අරමුණින් මාතලේ අලුවිහාර පූජා භූමි සැලසුම් යෝජනා ක්‍රමය යටතේ රජය විසින් ඉදි කරන ලද විශ්‍රාම ශාලා ගොඩනැඟිල්ල නඩත්තු කර පවත්වා ගෙන යාමේ වගකීම 2009 වර්ෂයේ සිට වසර 05ක කාලයක් සඳහා අලුවිහාර රජමහ විහාරස්ථානය වෙත පවරා දී තිබිණි. එම විහාරස්ථානය වෙත පැමිණෙන වන්දනාකරුවන් සඳහා පහසුකම් සැලසීමේ අරමුණින් එම විශ්‍රාම ශාලා ගොඩනැඟිල්ල නඩත්තු කර පවත්වා ගෙන යාමේ වගකීම තවත් වසර 05ක කාලයක් සඳහා මාතලේ අලුවිහාර රජමහා විහාරස්ථානය වෙත පැවරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.