• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අර්ධ වශයෙන් අවසන් කර ඇති ව්‍යාපෘති සම්පූර්ණ කිරීම සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම
- අදාළ ප්‍රදේශවල මහජනතාව වෙත ප්‍රතිලාභ සැලසීමේ අරමුණින්, නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කෙරෙන, දැනට අතරමඟ නැවතී ඇති, බත්තරමුල්ල පොල්දූව අතුරු මාර්ගය ඉදි කිරීම, ඉමදූව නගරයේ කාණු පද්ධතිය වැඩිදියුණු කිරීම, තංගල්ල හා අඟුණුකොළපැලැස්ස වෙළෙඳ සංකීර්ණ ඉදි කිරීම සහ මිද්දෙණිය නගර සංවර්ධන වැඩසටහන යනාදී ව්‍යාපෘති සහ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කෙරෙන ලුණුගම්වෙහෙර හා වලස්මුල්ල බස් නැවතුම්පොළවල් ඉදි කිරීම යන ව්‍යාපෘති සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 516.8ක ප්‍රතිපාදන සලසා ගැනීම පිණිස සහ එම ව්‍යාපෘතිවල ඉතිරි කාර්යයන් මුල් කොන්ත්‍රාත්කරුවන් ලවාම නිම කරවා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.