• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍යතාන්ත්‍රික හා රාජකාරි විදේශ ගමන් බලපත්‍රහිමියන් වීසා අවශ්‍යතාවෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ‍ජෝර්ජියාව අතර ගිවිසුම
- ශ්‍රී ලංකාව හා ජෝර්ජියාව අතර රාජ්‍යතාන්ත්‍රික හා රාජකාරි/නිල සංචරණ පහසුකම් වැඩිදියුණු කිරීම සහ දෙරට අතර පවතින මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කරගැනීමේ අරමුණින්, රාජ්‍යතාන්ත්‍රික හා රාජකාරි විදේශ ගමන් බලපත්‍රහිමියන් වීසා අවශ්‍යතාවෙන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹීම පිණිස අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.