• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තාර වෙළෙඳ‍පොළ ලිහිල් කිරීම
- මහාමාර්ග හා වෙනත් ඉදි කිරීම් කටයුතු සඳහා අමුද්‍රව්‍යයක් ලෙස භාවිතයට ගැනෙන තාර සඳහා නිරන්තරයෙන් වර්ධනය වන වෙ‍ෙළඳපොළක් ඇත. නව මහාමාර්ග ඉදි කිරීම සඳහා මෙන්ම ශ්‍රී ලංකාවේ මහාමාර්ග ජාලයේ නිරන්තර නඩත්තු කටයුතු සඳහා යොදා ගැනෙන හෙයින් තාර සඳහා තිරසර වෙ‍ෙළඳපොළක් නිර්මාණය වී ති‍බේ. එසේම කලාපයේ මෙන්ම සංවර්ධනය වන වෙනත් රටවල්වල තාර සඳහා නැඟී එන වෙ‍ෙළඳපොළක් තිබෙන බව දක්නට ලැබේ. එබැවින් තාර වෙ‍ෙළඳපොළ ලිහිල් කිරීම මඟින් කලාපීය සැපයුම්කරු ලෙස නැඟී ඒමේ අවස්ථාව ශ්‍රී ලංකාවට උදාවනු ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාවේ තාර වෙ‍ෙළඳපොළ ලිහිල් කිරීමේ හා තරඟකාරී වෙ‍ෙළඳපොළක් ඉදි කිරීමේ අරමුණින් ඉදිරිපත් කරන ලද 2016 අයවැය යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද සංදේශයේ අඩංගු පහත සඳහන් යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

(i) තාර ආනයනය ලිහිල් කිරිම සඳහා නියෝග හා ප්‍රතිපත්ති සකස් කිරීම;

(ii) ආනයන අපනයන පාලන පනත යටතේ අයිතමයක් ලෙස 'තාර' ලැයිස්තුගත කිරීමෙන් ආනයනය සඳහා බලපත් නිකුත් කිරීම;

(iii) අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූල වන අයුරින් ජාතික ප්‍රමිතීන් හඳුන්වා දෙන ලෙස ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට උපදෙස් ලබා දීම;

(iv) තාර සම්බන්ධයෙන් තත්ත්ව අනුකූලතා සහතික නිකුත් කිරීම සඳහා පර්යේෂණාගාර පහසුකම් දියුණු කරන ලෙස හා ප්‍රතීතකරණය කරන ලෙස කාර්මික තාක්ෂණ ආයතනයට (ITI) හා මාර්ග සංවර්ධන අධිකාරිය වෙත උපදෙස් ලබා දීම;

(v) බලපත්‍ර හිමියන්ගෙන් තාර වෙ‍ෙළඳාම මත වාර්ෂිකව රුපියල් මිලියන 2ක ස්ථාවර ලියාපදිංචි ගාස්තුවක් අය කිරීම.