• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියානු රදගුරු සම්මේලනයේ සමු‍ළුව
- හොංකොං නුවර ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති ආසියානු රදගුරු සම්මේලනය, ආසියාතික රටවල ක‍තෝලික ලබ්ධිකයන්ට අදාළ ක්‍රියාකාරකම්වලදී කතෝලික ප්‍රජාව අතර මනා සම්බන්ධීකරණයක් සිදු වන බව සහතික කිරීම සඳහා කටයුතු කරයි. මෙම සම්මේලනයේ කමිටු රැස්වීම වසර 04කට වරක් පැවැත්වෙන අතර, මෙවර එම රැස්වීම 2016 නොවැම්බර් මස 28 දින සිට දෙසැම්බර් මස 04 දින දක්වා මීගමුවේදී පැවැත්වීමට සැලසුම් කර ඇත. ඒ සඳහා ආසියාවේ සියලුම රටවල් නියෝජනය කරමින් කාදිනල්වරු 08 දෙනෙකු සහ රදගුරුවරුන් 150කට අධික සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිතය. ඒ අනුව, එම රැස්වීම ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා රජයේ දායකත්වය ලබා දීම පිණිස සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.