• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සංහිඳියා යන්ත්‍රණයන් සම්බන්ධීකරණය සඳහා වන ලේකම් කාර්යාලය ශක්තිමත් කිරීම
- සංහිඳියා ක්‍රියාවලිය හා බැඳුණු තීරණ, වැඩසටහන් සහ ක්‍රියාවලීන් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමේ අදහස ඇතිව 'සංහිඳියා යන්ත්‍රණයන් සම්බන්ධීකරණය සඳහා වන ලේකම් කාර්යාලය' (Secretariat for Coordinating the Reconciliation Mechanisms - SCRM) අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව 2015 වර්ෂය අගදී ස්ථාපිත කෙරිණි. ශ්‍රී ලංකාවේ සංහිඳියා යන්‍ත්‍රණයන් සැලසුම් කර ක්‍රියාත්මක කිරීමේ කාර්යභාරය එම ලේකම් කාර්යාලය වෙත පැවරී ඇත. එසේම ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාදාමය තුළ ප්‍රතිපත්ති සම්පාදනය කරන ආයතන සහ ඒවා ක්‍රියාත්මක කරන ආයතන අතර වන අතරමැදි ආයතනය ලෙස ක්‍රියා කරමින් එම කටයුතු පහසුකරණය මෙම ලේකම් කාර්යාලය විසින් සිදු කරනු ලැබේ. ඒ අනුව, මෙම කාර්යාලය සඳහා අවශ්‍ය මානව සම්පත් සහ අරමුදල් සලසා ගැනීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.