• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අම්පාර දිස්ත්‍රික්කයේ ඔලුවිල් සහ නින්තවූර් ප්‍රදේශවලට බලපාන වෙරළ ඛාදනය සහ ඉන් විපතට පත් පුද්ගලයින්ට වන්දි ගෙවීම පිළිබඳව වාර්තා කිරීම පිණිස කමිටුවක් පත් කිරීම
- අම්පාර දිස්ත්‍රික්කයේ ඔලුවිල් සහ නින්තවූර් යන වෙරළබඩ ප්‍රදේශයන්හි සිදු වන වෙරළ ඛාදනය හේතුවෙන් නිවාස, ගොවිබිම්, පානීය ජල මූලාශ්‍ර ආදිය හානියට පත්ව ඇත. ගොවීන් හා ධීවර ප්‍රජාව මෙයින් වඩාත් බලපෑමට ලක්ව ඇති ඇති අතර, ඔවුන්ගේ ජීවනෝපාය මාර්ගයන්ටද මේ හේතුවෙන් දැඩි බලපෑමක් එල්ල වී ඇත. මෙම තත්ත්වය පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කර බලා සිදුවී ඇති දේපළ හානි පිළිබඳ තක්සේරු කිරීමටත්, බලපෑමට ලක්වී ඇති ගොවි හා ධීවර පවුල් සංඛ්‍යාව නිවැරදිව හඳුනාගැනීමටත්, ඔවුන්ට ලබා දිය යුතු වන්දි සම්බන්ධයෙන් නිර්දේශ ලබාගැනීමටත් ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.