• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා නව බහුකාර්ය සටන් ගුවන්යානා සහ අදාළ අවි ආයුධ මිල දී ගැනීම
- ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ප්‍රහාරක ගුවන්යානා බලගණවල සාමාන්‍ය ආයු කාලය ඉක්මවා ඇති අතර, ඒවා ශීඝ්‍රයෙන් භාවිත කිරීමට නොහැකි තත්ත්වයට පත්වෙමින් පවතී. ජාතික ආරක්ෂාවට එල්ලවිය හැකි ඕනෑම අනපේක්ෂිත තත්ත්වයකට සූදානම්ව සිටීමේ සහ ශ්‍රී ලංකාවේ අනන්‍ය ආර්ථික කලාපයට අදාළ වන අයුරින් සාගරික ආරක්ෂාව පවත්වා ගැනීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින්, රජයකින් රජයකට මිල දී ගැනීමේ පදනම (Government to Government Basis) මත බහුකාර්ය සටන් ගුවන්යානා සැපයීම සඳහා උනන්දුවක් දක්වන ගුවන්යානා නිෂ්පාදකයින්, සහාය නිෂ්පාදකයින්, බලයලත් රජයේ නියෝජිතයින් වෙතින් අභිලාෂය දැක්වීමේ ප්‍රකාශයන් (Expressions of Interest) ලබාගැනීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.