• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය නිලධාරින් සඳහා දිස්ත්‍රික් මට්ටමින් නේවාසිකාගාර පහසුකම් සැපයීමට ගොඩනැඟිලි ඉදි කිරීම
- රාජ්‍ය නිලධාරින් ඔවුන් පදිංචි දිස්ත්‍රික්කයෙන් පිටත පිහිටි සේවා ස්ථාන වෙත අනුයුක්ත කිරීමේදී මෙන්ම ස්ථාන මාරු කිරීමේදීද නවාතැන් පහසුකම් සපයා ගැනීමේ දුෂ්කරතාව හේතුවෙන් ඔවුන්ට බලවත් අපහසුතාවන්ට මුහුණ දීමට සිදුව ඇත. රාජ්‍ය නිලධාරින්ගෙන් වැඩි ප්‍රමාණයක් නිලධාරිනියන් වන බැවින් ඔවුන් සඳහා ආරක්ෂිත නවාතැන් පහසුකම් සලසා දීම මෙන්ම විවාහක නිලධාරින්ට සිය පවුල්වල සාමාජිකයින් සමඟ වාසය කිරීමට ප්‍රමාණවත් නවාතැන් පහසුකම් සලසා දීම අවශ්‍ය වේ. මෙම දීර්ඝකාලීන ගැටලුවට විසඳුමක් වශයෙන් නේවාසික පහසුකම් සපයා ගැනීම ඉතා දුෂ්කර වන සහ ඉහළ ඉල්ලුමක් පවතින දිස්ත්‍රික්ක සඳහා ප්‍රමුඛ අවධානය යොමු කරමින්, එක් අදියරකදී දිස්ත්‍රික්ක 05 ක් ආවරණය වන පරිදි, අවිවාහක හා විවාහක නිලධාරින් සඳහා සුදුසු නිවාස ක්‍රම වෙන වෙනම ඉදි කිරීම අදියර 05ක් යටතේ වසර පහක් (05) තුළ සිදු කිරීම පිණිස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.