• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආගාමික හා විගාමික නීති බලගැන්වීමේ මධ්‍යස්ථානය ඉදි කිරීම
- වීසා කාලය ඉකුත් වීමෙන් අනතුරුව මෙරට රැඳී සිටින විදේශිකයින් සහ වෙනත් රටවලට නීතිවිරෝධී අයුරින් සංක්‍රමණය වීම සඳහා සංක්‍රමණික මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව භාවිත කිරීමට උත්සාහ දරන විදේශකයින් අත්අඩංගුවට ගෙන රටින් පිටමං කරන තුරු තාවකාලිකව රඳවා තබාගැනීම සඳහා රැඳවුම් මධ්‍යස්ථානයක් ඉදි කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. ඒ සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයේ පිහිටි ප්‍රදේශයකින් පහසුකම් සැලසීම සුදුසු බව නිරීක්ෂණය වී ඇත. ඒ අනුව, යෝජිත ආගාමික හා විගාමික නීති බලගැන්වීමේ මධ්‍යස්ථානය, ගොඩනැඟිලි දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද සැලැස්මට අනුව රුපියල් මිලියන 327ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කළුදියවලවත්ත ඉඩමෙහි ඉදි කිරීම පිණිස අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බි.නාවින්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.