• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහියංගණය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා දෙමහල් නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
- ඌව පළාතට අයත් විශාලතම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වන මහියංගණය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ග්‍රාම නිලධාරි වසම් 35කින් සමන්විත වන අතර, 84,000ක පමණ ජනගහනයක් එහි වාසය කරයි. ප්‍රදේශවාසී ජනතාවගේ පරිපාලන අවශ්‍යතා ඉටු කරනු ලබන මහියංගණය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනට පවත්වාගෙන යනු ලබන ගොඩනැඟිල්ලෙහි පවතින ඉඩකඩ එමඟින් වර්තමානයේ සලසනු ලබන සේවාවන් හා සැසඳීමේදී ප්‍රමාණවත් නොවේ. ඒ අනුව, ඵලදායී මහජන සේවාවක් සැලසීමට සහ කාර්ය මණ්ඩලය සඳහා යහපත් කාර්යාල පරිසරයක් ඇති කළ හැකි වන පරිදි මහියංගණය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා දෙමහල් නව ගොඩනැඟිල්ලක් රුපියල් මිලියන 221ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදි කිරීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.