• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වත්තල, යෝජිත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදි කිරීම
- වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාල‍ය දැනට පවත්වාගෙන යනු ලබන ගොඩනැඟිල්ලේ කොටසක් පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් හේතුවෙන් කඩා දැමීමට සිදු වී ඇත. වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාල‍යේ සේවය ලබාගන්නා මහජනතාවට ඵලදායී සේවාවක් ලබා දීමේ සහ එහි කාර්ය මණ්ඩලයට යහපත් කාර්යාල පරිසරයක් ලබා දීමේ අරමුණින් එකී ප්‍රාදේශීය ලේකම් කාර්යාල‍ය සඳහා පස්මහල් නව ගොඩනැඟිල්ලක් රුපියල් මිලියන 198.8ක ඇස්තමේන්තුගත මුළු පිරිවැයකින් ඉදි කිරීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.