• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයේ රෝහල් සඳහා රබර් කිරිවලින් දේශීය වශයෙන් නිෂ්පාදිත ශල්‍යාගාර අත්වැසුම් ප්‍රසම්පාදනය කිරීම
- රජයේ රෝහල්වල ශල්‍යකර්මවලදී භාවිත කිරීම සඳහා අවශ්‍ය වන ශල්‍යාගාර අත්වැසුම්, දේශීය නිෂ්පාදකයින් වෙතින් මිල දී ගනු ලබන අතර, ඊට අදාළ ප්‍රසම්පාදනය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.