• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය (NEMO) ශක්තිමත් කිරීම
- රාජ්‍ය ආයතන සහ පළාත් පාලන ආයතන සඳහා ප්‍රාදේශීය මට්ටමින් පස් කැපීමේ යන්ත්‍ර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ඉදි කිරීම් උපකරණ සැපයීම පිණිස ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය (NEMO) 1992 වර්ෂයේදී ස්ථාපිත කරනු ලැබ ඇති අතර, එය රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යටතේ ස්වාධීන ආයතනයක් වශයෙන් වර්තමානයේ ක්‍රියාත්මක වේ. අමාත්‍ය මණ්ඩලය විසින් 2007 වර්ෂයේදී ලබා දී ඇති අනුමැතිය පරිදි පළාත් සභා, පළාත් පාලන ආයතන ඇතුළු රාජ්‍ය ආයතන විසින් ක්‍රියාත්මක කරනු ලබන ඉදි කිරීම් ව්‍යාපෘතිවලට අවශ්‍ය යන්ත්‍රසූත්‍ර, උපකරණ හා වාහන කුලියට ගැනීමට සහ තෝරාගත් වැඩවලට අදාළ කොන්ත්‍රාත්තු පිරිනැමීම සඳහා ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ සේවය තවදුරටත් ලබාගැනීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.