• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජපානයේ දියුණු කෘෂිකාර්මික තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබාගැනීමේ අරමුණින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වල්පිට ගොවිපළෙහි අධි තාක්ෂණ කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම
- කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ නිෂ්පාදන ඵලදායීතාව ඉහළ නැංවීම පිණිස වැඩිදියුණු කරන ලද නව තාක්ෂණික දැනුම ඵලදායී ලෙස යොදාගත හැකි පිරිසක් පුහුණු කිරීම හා තරුණ ව්‍යවසායකයන් ආකර්ෂණය කරගැනීම ඉතා වැදගත් වේ. සමාගමක් වශයෙන් ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කරනු ලැබ ඇති Japan Lanka Agriculture Industrial Research and Training Center (Pvt) Ltd ආයතනය විසින් කෘෂිකාර්මික පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන අතර, ඒ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට‍ අයත් වල්පිට ගොවි‍පළේ දැනට භාවිතයට නොගන්නා අක්කර 06ක පමණ ඉඩමක් යොදාගැනීමට අදහස් කරනු ලබයි. ඒ අනුව, එම කාර්යය සඳහා අදාළ සමාගම සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.