• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දඹුල්ලේ පිහිටි ඉඩමක් ශීතාගාරයක් ඉදි කිරීම සඳහා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය වෙත ලබා දීම
- දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ දෙවන අදියර ක්‍රියාවට නැංවී‍ම යටතේ දේශීය එළවළු හා පලතුරු නිෂ්පාදකයින්ට ප්‍රතිලාභ සලසමින් ශීතාගාරයක් ස්ථාපිත කිරීම පිණිස, එම කාර්යය සඳහා සුදුසු බවට හඳුනාගනු ලැබ ඇති, දඹුල්ල නගරයේ පිහිටි පර්චස් 188ක පමණ ඉඩමක් රජයේ ප්‍රධාන තක්සේරුකරු විසින් තීරණය කරනු ලබන වර්තමාන වෙළඳපොළ වටිනාකම මත ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය වෙත ලබා දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.