• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බස්නාහිර කලාපීය මහා නගර සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සිංගප්පූරු ජාත්‍යන්තර ව්‍යවසාය මණ්ඩලයේ සහයෝගය ලබාගැනීම
- මෙරට ආර්ථිකයේ ශීඝ්‍ර වර්ධනය සඳහා වන ප්‍රමුඛතම උපායමාර්ගය ලෙස බස්නාහිර කලාපීය මහා නගරය පිළිගැනීමට ලක්ව ඇති අතර, ඒ යටතේ ක්‍රියාවට නංවනු ලැබීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති රැසකි. එකී ව්‍යාපෘති අතරින් ඇතැම් ව්‍යාපෘති සංකීර්ණ හා සූක්ෂ්ම තාක්ෂණය අවශ්‍ය ව්‍ය‍ාපෘති වන අතර, එම ව්‍යාපෘති සඳහා සවිස්තරාත්මක සැලසුම් සකස් කිරීමේදී මෙන්ම ඒවා ක්‍රියාවට නැංවීමේදී ද ජාත්‍යන්තර විශේෂඥ සහාය අවශ්‍ය වේ. ඒ අනුව බස්නාහිර මහා නගර ව්‍යාපෘතියෙහි ඇතැම් කොටස් සාර්ථකව ක්‍රියාවට නැංවීම පිණිස වාණිජ මධ්‍යස්ථානයක් ලෙස සිංගප්පූරුව ලබා ගෙන ඇති පළපුරුද්ද හුවමාරු කරගැනීමේ වැදගත්කම සැලකිල්ලට ගෙන, ඒ සඳහා සිංගප්පූරු රජයේ වෙළඳ හා කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින ව්‍යවස්ථාපිත ආයතනයක් වන සිංගප්පූරු ජාත්‍යන්තර ව්‍යවසාය මණ්ඩලය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.