• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බස්නාහිර කලාපීය මහා නගර වැඩසටහන යටතේ සුහුරු නගර (Smart City) ඉදි කිරීම
- බස්නාහිර කලාපීය මහා නගර සංවර්ධන වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය ක්ෂේත්‍රයක් ලෙස සුහුරු නගරයන්හි (Smart Cities) යටිතල පහසුකම් සංවර්ධනය කිරීම හඳුනාගෙන ඇත. නාගරික සේවාවන්හි ගුණාත්මකභාවය, කාර්යසාධනය හා අන්තර් ක්‍රියාකාරීත්වය පුළුල් කිරීම, පිරිවැය හා සම්පත් පරිභෝජනය අවම කිරීම සහ පුරවැසියන් හා රජය අතර සම්බන්ධතා වැඩිදියුණු කිරීම පිණිස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) සුහුරු නගර තුළ භාවිතයට ගැනේ. ඒ අනුව, ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි, බස්නාහිර කලාපීය මහා නගරය සඳහා සුහුරු නගර යටිතල පහසුකම් සංවර්ධනය කිරීම උදෙසා තාක්ෂණික සහාය ලබාගැනීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ පළපුරුදු ජාත්‍යන්තර ආයතනයක් ලෙස පිළි‍ගැනෙන සීමෙන්ස් ආයතනය (Siemens Limited) සමඟ අවබෝධතා ගිවිසුම‍කට එළඹීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.