• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ උසස් ගණයේ කෞතුක භාණ්ඩවල අනුරූ විදේශ රටවල ප්‍රදර්ශනය සඳහා ලබා දීම
- ශ්‍රී ලංකාවේ තිබෙන උසස් ගණයේ කෞතුක භාණ්ඩ විදේශයන්හි පැවැත්වෙන ප්‍රදර්ශන සඳහා රැගෙන යාමට අවස්ථාව සලසා ‍දෙන ලෙස ඇතැම් රටවලින් හා එම රටවල ස්ථාපිත කර ඇති මෙරට දූත මණ්ඩල කාර්යාලවලින් ඉල්ලීම් ඉදිරිපත් වී ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසය පිළිබඳ සාක්ෂි සපයන එකී කෞතුක භාණ්ඩයන්හි මිල කළ නොහැකි වටිනාකමද, ඒවායේ ආරක්ෂාවද, එම කෞතුක භාණ්ඩ සංරක්ෂණය කර ඉදිරි පරපුරට දායාද කිරීමේ වැදගත්කමද සැලකිල්ලට ගෙන, ඉදිරියේදී රාජ්‍ය නායකයින් අතර ඇති කර ගනු ලබන ද්විපාර්ශ්වික එකඟතාවකදී පමණක්, විදේශීය රටක ප්‍රදර්ශනය කිරීම සඳහා ලබා දීම පිණිස තෝරාගත් කෞතුක භාණ්ඩ එකතුවක ප්‍රශස්ත මට්ටමේ අනුකෘතීන් (Replica) සකස් කිරීම සුදුසු බවට අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.