• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2016 යල කන්නය තුළ වී මිල දී ගැනීමේ වැඩසටහන
- 2016 යල කන්නය සඳහා වන වී අස්වනු නෙළීම නුදුරේදීම ආරම්භ වීමට නියමිත අතර, රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන යටතේ මෙම කන්නයේදී දිස්ත්‍රික්ක 19ක් ආවරණය වන පරිදි මෙට්‍රික් ටොන් 120,000ක පමණ වී තොගයක් මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය විසින් සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව, ලියාපදිංචි සහ කන්නය තුළ වී වගාවේ නිරතව ඇති ගොවීන් වෙතින් සෘජුවම වී මිල දී ගැනීමට අපේක්ෂිත අතර, ඒ සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය අදාළ දිස්ත්‍රික්කවල දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් හා ග්‍රාමීය මට්ටමේ නිලධාරින් විසින් සිදු කෙරෙනු ඇත. 2016 යල කන්නයේදී ‘කීරි සම්බා’ වී කිලෝග්‍රෑමයක් රුපියල් 50/- බැගින්ද, ‘සම්බා’ වර්ගවල වී කිලෝග්‍රෑමයක් රුපියල් 41/- බැගින් ද, නාඩු වර්ගයේ වී කිලෝග්‍රෑමයක් රුපියල් 38/- බැගින්ද මිල දී ගැනීම පිණිස අවශ්‍ය කටයුතු කිරීම සඳහා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මැතිතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.