• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කාර්යසාධන හා කාර්යක්ෂමතා කළමනාකරණ ඒකකය පිහිටුවීම
- තිරසර හා ස්ථාවර රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සඳහා සහ මහජනතාවගෙන් අය කරන බදු මුදල් ඔවුන්ගේ විශ්වාසය රැකෙන පරිදි කාර්යක්ෂමව හා ඵලදායීව යෙදවීම පිණිස කාර්යසාධන කළමනාකරණය අතිශය වැදගත් වේ. නමුත් රජයේ අරමුදල් කාර්යක්ෂමව හා ඵලදායීව යොදවා ඇති බවට හා ඒවායින් අපේක්ෂිත ප්‍රතිඵල අත් කරගැනීමට සමත් වීද යන්න පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා වන ආයතනයක් නොපැවතීම මේ දක්වා අඩුපාඩුවක්ව පැවතිණි. ඒ අනුව, ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි, රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා රාජ්‍ය ව්‍යවසායන් රජයේ අරමුදල් කාර්යක්ෂමව හා ඵලදායීව යොදවනු ලැබුවේද යන්න සොයා බැලීම සඳහා 'කාර්යසාධන හා කාර්යක්ෂමතා කළමනාකරණ ඒකකයක්' (Performance & Efficiency Management Unit - PEM Unit) මහා භාණ්ඩාගාරය යටතේ ස්ථාපිත කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.