• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රජයේ රෝහල් වෙත පැමිණෙන රෝගීන් හා අමුත්තන් වෙත රූපවාහිනි තිර මඟින් සෞඛ්‍ය තොරතුරු, ප්‍රවෘත්ති හා දැන්වීම් ප්‍රචාරණය කිරීම
- සෞඛ්‍ය තොරතුරු හා වැඩසටහන්, එදිනෙදා සාමාන්‍ය තොරතුරු, දේශීය හා විදේශීය ප්‍රවෘත්ති, ආගමික වැඩසටහන් සහ විනෝදාත්මක වැඩසටහන් රූපවාහිනි තිර ඔස්සේ රජයේ රෝහල් වෙත පැමිණෙන රෝගීන් හා අමුත්තන් අතරේ නවතාවකින් යුතුව ප්‍රචාරණය කිරීමේ අරමුණින් රජයේ රෝහල්හි සායන, වාට්ටු, බාහිර රෝගී අංශ හා ප්‍රවේශ ශාලා යනාදී සුදුසු ස්ථානයන්හි LCD රූපවාහිනි තිර ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.