• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන හා පාලන ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීම
- පසුගිය වසර කිහිපයක සිට ඩෙංගු රෝගය ශ්‍රී ලංකාව තුළ පවතින ප්‍රධාන මහජන සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති අතර, එම රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවනු ලැබ ඇත. එසේ වුවද මදුරුවන් බෝවන ස්ථාන ගෘහාශ්‍රිතව හා ආයතනික පරිශ්‍ර ආශ්‍රිතව පැතිර පවත්නා බැවින් ඩෙංගු මර්දන කටයුතු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස මට්ටමින් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව පෙනී‍ ‍ගොස් ඇත. ඒ අනුව, ඩෙංගු මර්දන ක්‍රියාකාරකම් ශක්තිමත් කරමින් ඩෙංගු මර්දන ව්‍යාපාරයක් ලෙස කටයුතු කිරීම සඳහා ස්ථිර හා කැපවුණු කාර්ය මණ්ඩලයක් අනුයුක්ත කිරීමටත්, එම කටයුතු සඳහා අවශ්‍ය භෞතික සම්පත් ලබා දීමටත්, මෙම ඩෙංගු රෝග මර්දන ව්‍යාපාරය පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සමඟ එක්ව ක්‍රියාත්මක කිරීමටත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.