• Increase font size
  • Default font size
  • Decrease font size

2016-08-09 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ස්විස් විමසුම් කාර්යපටිපාටිය පිළිබඳ මාර්ගෝපදේශ
- සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී විනිවිදභාවය හා ආයෝජනය කරනු ලබන මුදලට සරිලන වටිනාකමක් ලැබෙන බව (value for money) සහතික කිරීම පිණිස තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කිරීම රජය විසින් අවධාරණය කරනු ලබන අතර, ස්වකැමැත්තෙන් ඉදිරිපත් කරනු ලබන අනාරාධිත යෝජනා (Unsolicited Proposals) අධෛර්යවත් කිරීමද සිදු කරනු ලබයි. එසේ වුවද, ආයෝජකයින් විසින් අනාරාධිතව ඉදිරිපත් කරනු ලබන යෝජනාවල අන්තර්ගත සාම්ප්‍රදායික තාක්ෂණයෙන් බැහැර වූ හා මෙතෙක් අවධානය යොමු නොවූ විභවතාවන් අනාවරණය කරගැනීම වැනි සාධනීය ලක්ෂණ සැලකිල්ලට ගෙන ලොව පුරා බොහෝ රටවල් එවන් යෝජනා සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස ස්විස් විමසුම් ක්‍රමවේදය (Swiss Challenge Procedure) අනුගමනය කරයි. එබැවින්, ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි, ස්වකැමැත්තෙන් ඉදිරිපත් කරනු ලබන අනාරාධිත යෝජනා සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් පිළියෙල කරන ලද ස්විස් විමසුම් කාර්යපටිපාටිය පිළිබඳ මාර්ගෝපදේශ (Guidelines on Swiss Challenge Procedure), රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ වශයෙන් ඇතුළත් කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.